ගුරු විදුහල්පති වෘත්තිය සමිති සේවයට නොයයි

(suraj alwis )

02 Aug 2021 | 10:30 AM 48



ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා  සඳහන් කළේ සිය වෘත්තිය සමිති තීරණය සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ලිඛිතව දැනුම්වත් කර ඇති බවයි.

මේ වන විට තම වෘත්තිය සමිති ඇතුළු ගුරු විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින බැවින් එවැනි අවස්ථාවක රජය විසින් රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කළ යුතු බවට නිවේදනය කර ඇති බවයි ජෝසප් ස්ටාර්ලින් මහතා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් හෙට දිනයේ දී සිය වෘත්තිය ගැටලුවලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් මෙම වෘත්තිය සටන නව මාවතකට යොමු කරමින් කොළඹට රථ පෙළපාලියකින් ගමන් කිරීමට නියමිත බවද ජෝසප් ස්ටාර්ලින් මහතා අවධාරණය කරනවා.රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව අද දිට දිවයින පුරා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද සේවයට වාර්තා කළ යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ. මේ අනුව සියලු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් ඇතුලු කාර්යය මණ්ඩල මෙන්ම සියලුම පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මන්ඩල ද අද සේවයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද සේවයට වාර්තා නොකිරීමේ තීරණයත් සමඟ ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතාගෙන් විමසීමක් කළා.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES