මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

(suraj alwis )

02 Aug 2021 | 10:45 AM 50



මස්කෙලිය මාවුස්සාකැලේ ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු අද සිට වරින්වර විවෘත කරන බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය පවසනවා. එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසුවේ මේ අනුව 14 වන දින දක්වා වරින් වර මෙලෙස විවෘත කිරීමට පියවර ගන්නා බවයි. මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තැබෙන වේලාවන්වල ජලාශ වේල්ලට පහලින් වු කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජල මට්ටම තරමක් වැඩි විය හැකි බැවින් ඒ පිලිබදව කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජලය පරිහරණය කරන පුද්ගලයින් සැලකිල්ලෙන් සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටිනවා.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES