ෆේස්බුක් ඔස්සේ රන්මාල සොරකමක්

(suraj alwis )

02 Aug 2021 | 12:15 PM 44



රුපියල් ලක්ෂ 3 ක පමණ වටිනාකමකින් යුත් රන් මාලයක් සොරකම් කළ තරුණියක සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්.  සීදුව, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක මීට මාස කිහිපයකට ඉහතදී අදාළ සැකකාරිය මුහුණුපොත ඔස්සේ හදුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ.
එහිදී නිවසේ තිබූ රන් අත්පළඳනාවක් සැකකාර තරුණිය විසින් සොරා ගෙන තිබෙනවා. අනතුරුව යළිත් වරක් සැකකාර තරුණිය 23 හැවිරිදි මුහුණුපොතේ මිතුරියගේ නිවසට ගොස් ඇති අතර එහිදී මෙලෙස ලක්ෂ 3 ක පමණ වටිනාකමින් යුත් රන් මාලය සොරා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.  



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 16


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES