ගුරු වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 22 ක්

(suraj alwis )

02 Aug 2021 | 12:15 PM 43



වැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බල කරමින් ගුරු විදුහල්පති සංගම් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 22 ක් සම්පූර්ණ වී තිබෙනවා. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශය පිළිබඳ අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යළි සාකච්ඡාවට බඳුන්වන බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර ගුරුවරුන්ගේ ගැටලුව පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමු කර ඇති බවයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ. එම කාරණාව ජනාධිපතිවරයාගේ සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අන්තර්ගත බවයි ඔහු පෙන්වා දෙන්නේ. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


ඪදසජැ ක්‍මඑ - නාමල් රාජපක්ෂ

මේ අතර කුමන බාධා පැමිණිය ද මේ සඳහා යහපත් ලෙස මුහුණදී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. මේ අනුව ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට රජයක් ලෙස ලුහුසුළුව කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කර තිබුණා.

ඪදසජැ ක්‍මඑ - අනුරාධ ජයරත්න



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 16


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES