සියලු එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය පනී

(suraj alwis )

02 Aug 2021 | 12:15 PM 56



ශ්‍රී ලංකාවට ගෙන්වන ලද සියලුම එන්නතවල පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේ දීත් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් එක්ලක්ෂ 14 දහස් 997 දෙනෙකුට සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හාරසිය තිස් දෙදෙනෙකුට ඊයේ දිනයේ දී ලබාදීමත් සමඟයි පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ග් සංඛ්‍යාව කෝටියේ සීමාව ඉක්මවා ගොස් ඇත්තේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එම සංඛ්‍යාව එක්කෝටි 76 දහස් 981 ක් බවයි.මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අදත් දිවයින පුරා ක්‍රියාත්මකයි. මේ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබන 6 වනදා දක්වා ලබා ගත හැකි අතර ඊට අදාළ එන්නත් මධ්‍යස්ථාන පිළිබඳ විස්තර ඇතුළත් නිවේදනයක් ද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. බත්තරමුල්ල - දියත උයන පරිශ්‍රයේ දී සහ කොළඹ - විහාර මහා දේවි උද්‍යානයේදී පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මකව පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා බත්තරමුල්ල - දියත උයන එන්නත් මධ්‍යස්ථානය අද සිට ලබන 4 වනදා දක්වා පැය 24 පුරා විවෘතව පවතිනු ඇති.

එමෙන්ම නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේ සහ බොරලැස්ගමුව, වේරහැර පිහිටි හමුදා රෝහල් ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව එන්නත්කරණය ඊයේ උදෑසන සිට අද අලුයම් කාලය දක්වා ක්‍රියාත්මක කර ඇති අතර අද සහ හෙට දිනය පුරා තවදුරටත් එම රෝහල්වලද එන්නත් කිරීමේ කටයුතු සිදු කෙරෙණු  ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අනුව ඊයේ දිනයේ දී ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 69 දහස් 266 දෙනෙකු හට ලබාදීමට කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

මේ අතර රජය විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ හාර දහසක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබුණා. වී එෆ් එම් ගුවන් තොටුපොල වාර්තාකරු සඳහන් කළේ අලුයම 2.15 ට මෙම එන්නත් තොගය කටාර් රාජ්‍යයේ දෝහා හි සිට කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 668 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත රැගෙනවිත් තිබූ බවයි. කිලෝ ග්‍රෑම් 619 ක බරකින් යුතු ඇසුරුම් 18 ක මෙම එන්නත් තොගය අසුරා තිබූ බවද අප වාර්තාකරු සඳහන් කළා.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 16


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES