රවීට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගයට දින වෙන් වෙයි

(suraj alwis )

02 Aug 2021 | 3:00 PM 48



හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක් සාක්ෂි විභාගය සඳහා ලබන සැප්තැම්බර් මස 6 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝසියස් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

එමෙන්ම ලබන සැප්තැම්බර් මස 6 වනදා නඩුවේ දෙවන සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස ද දන්වා සිතාසි ද නිකුත් කර ඇති බව සඳහන්. මෙහිදී රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ අදාළ නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට නියමිත පරිගනක සාක්ෂි පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදෙන ලෙසයි. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්මිනි ගිරිහාගම මෙනෙවිය මෙම නඩුව දිනෙන් දින කල්යාම වළක්වා ගැනීම සඳහා අදාළ ඉල්ලීමට අවසර ලබාදෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අනුව පරිගනක සාක්ෂි පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදෙන ලෙස විනිසුරුවරයා නියම කර තිබෙනවා. 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES