පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් 18 කට කොරෝනා

(suraj alwis )

02 Aug 2021 | 3:00 PM 61



පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයා ඇතුලු සේවකයින් 18 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ දී එම තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනා ගැනීමත් සමඟ එහි සේවකයින් 35 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එම වාර්තාවලට අනුව මෙම සේවකයින් 18 දෙනා කොවිඩ් ආසාදිත බවටයි හදුනාගෙන ඇත්තේ. ඔවුන් මේ වන විට සිය නිවෙස්වල නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අදාළ තැපැල් කාර්යාලය මේ වන විට වසා දමා ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර තලවාකැලේ සෙන් කුම්බස් වතු යායෙන් සහ තේ පර්යේෂණ ආයතනයෙන්ද නව ආසාදිතයින් 47 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. තේ පර්යේෂණ ආයතනයේ සේවකයින් සහ වතු කම්කරුවන් 75 දෙනෙකුගෙන් සිදුකළ පී සී ආර් සහ ඇන්ටිජන් පරීක්ෂාවන්ට අනුව  මෙම කොරෝනා ආසාදිතයින් හදුනාගෙන ඇති බව සඳහන්.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES