ඇස්ට්‍රා සෙනෙකා තවත් තොගයක් සෙනසුරාදා පැමිණේ

(suraj alwis )

02 Aug 2021 | 3:15 PM 56



ඇස්ට්‍රා සෙනෙකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් පෞද්ගලිකව සිදු කළ ඉල්ලීමක් පරිදි මෙම එන්නත් තොගය පරිත්‍යාග කෙරෙන බවයි ජපාන තානාපති අකිරා සුගියාමා මහතා පැවසුවේ. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් එන්නත් මාත්‍රා මිලියන 1.4 ක තොගයක් මෙරටට ලබාදීමට තීරණය කර ඇති බවයි ජපාන තානාපතිවරයා සඳහන් කළේ. මේ අනුව පසුගිය සෙනසුරාදා එම තොගයේ පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා හත්ලක්ෂ 28 දහස් 460 ක තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.

මේ අතර ඊයේ දිනයේ සිට බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථානවලදී ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රාවේ දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කෙරුණා. මේ අනුව අදත් එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම 109 කදී සිදු කෙරෙනවා. ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තවත් එන්නත්කරණ මධ්‍යස්ථානයක් දියත උයන පරිශ්‍රයේ දී අද සිට ලබන බදාදා දක්වා ක්‍රියාත්මක බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මීට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක තවත් එන්නත්කරණ මධ්‍යස්ථානයක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී මේ වන විටත් ක්‍රියාත්මක වනවා. 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES