(Gihan Sampath )
30 Dec 2020 | 1:15 PM
159
සැබෑ ලෝකයේ සැබෑ විදියට ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද. ඒ අතර තමන් මෙතෙක් මවාගත්ත සිහින ලෝකවල අතරමං වෙලා කී දෙනෙක් නම් ජීවත් වෙනවද ? ජීවිතේ යථාර්ථය... අහලා තියෙනවද කවුරු හරි කියනවා එහෙම ? නැහැ. ගොඩක් වෙලාවට ඇහෙන්නේ මම නම් සතුටින්, මට ප්‍රෙෂර් නෑනේ.. කියන වචන පේලිය. නමුත් මවාගත්ත රූප රාමුවකට කොටු වෙලා ඒකේ පේන්න තියෙන ව්‍යාජත්වයට හිර වෙලා අපි සමාජයට රටට ලෝකයට පේන්න කරන්නේ මොන තරම් නම් රැවටීමක්ද ? ජනප්‍රිය වෙන්න අපි හැමෝම කැමති. ඒකට යහපත් වගේම අයහපත් ක්‍රමත් තියෙනවා. හැබැයි මොන දේ කරත්, ඒ දෙයින් ලැබෙන්නේ මොකක්ද කියන දේ අපි කල්පනා කරන්නම ඕන. නමුත් සිදුවන්නේ කුමක්ද ? තමන් සතුටින් සිටින බව ලෝකයා ඉදිරියේ රගදක්වමින් ජීවිතයේ සැබෑ අත්දැකීම යථාර්තය සැඟවීමයි. වර්තමානයේ භාවිත වන බොහෝ සමාජ ජාල වෙබ් අඩවිවල තත්ත්වය මෙයයි. ව්‍යාජත්වයෙන් තමන්ටම සිදුකර ගන්නේ විශාල හානියක්. හීන දකින්න දුක විඳවීම් අතපසුවීම් හිත් අපනාපකම් මොනතරම් තිබුණත් අපි ඒ දේවල් අන් අයට පෙන්වන්න, ඒ ගැන කතා කරන්න වගේම අපෙන් ඒ ගැන කෙනෙක් අසනවාට අපි දක්වන්නේ අකමැත්තක්. මොකද ඒ තුළින් අපේ ප්‍රතිරූපයට හානි වෙයි, ජනප්‍රියතාව නැති වෙයි කියන බය අපිට ඇති වෙන නිසා. ඇති දේ ඇති විදියටත් නැති දේ නැති විදියටත් පෙන්නන්න උත්සාහ නොකර, ඔබ මේ පෙන්වන ව්‍යාජ දේ තුළින් අවසානයේ ඔබට ලැබෙන්නේ මොකක්ද ? ඔබ අනුන්ට දෙන්නේ මොකක්ද ? ඔබේ හදවතට මොහොතකට එබිකම් කරලා බලන්න මං මොනතරම් නම් නිවැරදිද කියලා.
වර්තමානයේ බොහෝ සෙයින් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි තියෙනවා. ඒක ඇතුලේ අද ඉන්න සමාජය හැසිරෙන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙනවද ? ඔබ මම අපි මේ හැමෝම ඒ අය අතරට අයත්. එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවැනි නෑ. පටන්ගත්ත වෙලාවේ ඉදලම කරන්නේ මවාපෑමක්, බොරුවක්. නමුත් ලොකුම ගැටලුව ඒ දේ එක්කෙනාට එක්කෙනා දැඩි ලෙස විශ්වාස කිරීමයි. රාමුවකින් වටවුණු සුන්දර හිනාවකින් හැඩවුණු ප්‍රශ්න නැති වටපිටාවක හුවමාරු වන මේ එකිනෙකට වෙනස් අත්දැකීම් සමුදායක් සහිත දේවල්වල සැබෑ තත්ත්වය ඔබට දැනෙනවද ?
හීන එක්ක ජීවත් වෙන්න
හීන විඳින්න වගේම
හීන සැබෑ කරගන්නත් අපි කැමති. නමුත් ඒ හීනය රාමුවක් තුළ කොටු වෙලා හිර වෙලා අපි සිදුකරන ඇතැම් ක්‍රියාවන්, කොයිතරම් නම් නිවැරදිද යන්න ඇත්තෙන්ම විමසා බැලිය යුතුම කරුණක්.
TOP STORIES
කතාවක් තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒ කියන්නේ මිනිහෙක් සම්පූර්ණ වෙන්න කියවීම කියන ද
29 Jan 2021 | 9:30 AM
175
FEATURES