යුරේනිගේ ටක් ටික් ටුක් කුකින්

(sulochana dharmarathne )

11 Aug 2021 | 2:45 PM 291



මාව මැරෙන්න නොදී මාස දෙකක දී මාව බේර ගත්තේ ඒ දෙන්නා.

මොකද ? ඒ කාලේ මං උයන්න දන්නෙත් නැහැනේ.

කොහොමහරි.. මං දැන් ඉන්න ගෙදර ඒ දෙන්නා මය කතා කරලා කිව්වා..

යුරේනි.. දැන් මොකද තත්ත්වේ. උයන්න විදිහකුත් නැහැනේ. අපි කෑම දෙන්නම් කියලා.

කොහොමහරි ඒ මාස දෙකේ මං කෑවේ ඒ දෙන්නාගෙන්.

මෙහෙම අපිත් එක්ක කිව්වේ රංගන ශිල්පිණී යුරේනි නොෂිකා.

ගියවර තිබුණ මේ මමද ? අපේ වැඩසටහන වර්ණවත් කරන්නේ ආවේ එයා.

පසුගිය මාස දෙකක කාලයේ දී කොරෝනා සමයේ රට ලොක්ඩවුන් කරපු වෙලාවේ වුණ සිද්ධියක් තමයි ඒ විදිහට අපිට කිව්වේ.

ඒ කතාව අතරේ දී ඇය අපිට මෙහෙමත් කිව්වා.

මට මගේ යාළුවෝ කියනවා යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න කියලා.

ටක් ටික් ටුක් කුකින් කියලා.


ඒකට හේතුව විදිහට කිව්වෙත් ඇය මෙන්න මේ වගේ කතාවක් තමයි.

මං වැඩිය උයන්න ආස නෑ. මං ඉතිං කන්න පුළුවන් සරළ කෑමක් උයාගෙන වැඩි වෙලාවක් පැන්ට්‍රියේ ඉන්නේ නැතුව දුවන් එනවා.

ඔන්න ඔය කියන හේතුව හින්දා ටක් ටික් ටුක් කුකින් යූ ටියුබ් චැනලය හදන්න කියනවා කියලා තමයි ඇය අපිට මේ මම ද ? වැඩසටහනේ දී කිව්වේ.  

 
 



COMMENTS


TOP STORIES


උ/පෙළ දරුවන්ට ඔවදනක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.

04 Feb 2022 | 12:30 PM 179


ටින් ටින්ගේ ලොවට ගිය ඉන්දුනීසියානුවා

20 Jan 2022 | 12:00 PM 120


නිරූපණ ශිල්පිනි හසිනි දේශපාලනයට

13 Jan 2022 | 12:30 PM 134


සරුංගලයක් හා අඩි 40ක් උඩ ගිය අයෙක්

21 Dec 2021 | 11:15 AM 98



FEATURES