භාණ්ඩ රැසක මිල ඉහළට

(sulochana dharmarathne )

11 Aug 2021 | 2:45 PM 171



ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. 

පරිප්පු, සීනි, සුදු ලූණු, ලොකු ලූණු, අර්තාපල් වැනි ආහාර ද්‍රව්‍ය ඒ අතරින් ප්‍රධානයි. 

පරිප්පු කිලෝවක මිල අද දිනය වන විට රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 125 ක්ව තිබූ සීනි කිලෝව අද වන විට රුපියල් 158 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

සුදු ලූණු කිලෝවක් ද රුපියල් 265 සිට රුපියල් 330 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 120 සිට රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ. 

ලොකු ලූණු කිලෝවක මිල ද රුපියල් 100 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

තොග වෙළෙඳසැල්වලින් ඉහත මිල ගණන්වලට අලෙවි වන භාණ්ඩ දිවයිනේ විවිධ ප්‍රදේශවල දී අලෙවි වන්නේ ඊටත් වඩා මිල ගණන්වලටයි.   



COMMENTS


TOP STORIES


කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයෝජනයට පෝලන්තයේ කැමැත්ත

ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන  ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප

08 Dec 2021 | 10:15 AM 154


මත්ස්‍ය අපනයනයෙන් ඉහළ ආදායමක්

03 Dec 2021 | 11:30 AM 167


පුවක් රට යවා ඉහළ අදායමක්

19 Nov 2021 | 12:30 PM 200


කොටස් වෙළෙඳපොලෙන් තවත් වාර්තාවක්

17 Nov 2021 | 9:45 AM 167



FEATURES