ටීචර්ට පේපරේ කවි ලිව්ව ඉලක්ෂ

(sulochana dharmarathne )

12 Aug 2021 | 4:30 PM 356



මේක වෙන කොට මං හිටියේ 10 වසර පන්තියේ.

මං ඒ කාලේ ඉංග්‍රීසිවලට ටිකක් දුර්වලයි.

ඒ වුණාට පේපර් එක කොහොමහරි ලිව්වා.

පේපර් එකට උත්තර ලියලා ඉවර වුණාම මං කළේ පේපර් එක පිටිපස්සේ ඉංග්‍රිසි මිස්ට කවියක් ලියපු එක.

මිස් ඒක දැක්කා.

මිස් ඒ කොළේ අරගෙන ගියා.

විභාගේ ලියලු ඉවර වුණාම මං ඒක ඉල්ලුවාම මිස් ආපහු දුන්නේ නෑ.

මිස් රවලා යන්න ගියා.


මෙහෙම පාසල් කාලයේ ගත කළ සුන්දර කතාවක් ගැන අපිට කිව්වේ කවියෙක් වගේම පොලිස් සේවයේ නියුක්ත වෙලා ඉන්න එස්. අයි.  ඉලක්ෂ ජයවර්ධන.

පාසල් කාලයේ සුන්දර මතකයක් ගැන මෙහෙම කිව්වේ මේ මමද ? වැඩසටහනකට සහභාගී වුණාට පස්සේ තමයි.

සුන්දර ඇබැද්දියක් ගැනත් ඔහු මෙන්න මේ විදිහට අපිට විස්තර කළා.

අපේ ගමේ තිබුණා ලොකු පළතුරු ගස්.

ගම මැද්දේ තියෙනවා වෙල් යායක්.

ඔය ඕවිට මැද්දේ තිබුණා රඹුටන් ගහක්.

හැමෝම ඉතිං, ඔය රඹුටන් කන්න ඔතනට එනවා.

මට මතකයි මං හිටිය රඹුටන් ගහේ අත්තට තව යාළුවෙක් ආවට පස්සේ ඔය අත්ත කඩාගෙන බිමට වැටුණා.

අඩි 20 ක් 25 ක් තරම් උසකින් තමයි මං වැටුණේ.

හැබැයි.. එහෙම වැටුණත් පොඩිවත් සීරීමක් නැතුව මං ගෙදර ගියා.

ඒත්, ඉතිං අපිට ඔය වගේ දේවල් මතක ඒ වෙන වෙලාවට විතරයිනේ.

ආපහු පහුවදාද්.. ඒ තැනටම ගිහින් ඒ ගහටම නැග්ගා.


ඔන්න ඔය වගේ සුන්දර ඇබැද්දියක් හිනාවෙන්ම මතක් කළ ඉලුක්ෂ ගැන දැනගන්න පුළුවන් මේ මමද වැඩසටහන ඔස්සේ.

මෙන්න මේ ලින්ක් එකට ගියා නම්.... 
 
 
 
 
 
ReplyForward



COMMENTS


TOP STORIES


කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.<

22 Sep 2022 | 4:00 PM 197


චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 44


යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 67


'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 30



FEATURES