පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින්ගේ වැටුප් පරිත්‍යාගය

(kushari uduwanage )

23 Aug 2021 | 11:45 AM 204



කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ රට වසා දමා ඇති මොහොතක, මෙරට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට යම් සහනයක් ලබා ගැනීම සඳහා තම වැටුප පරිත්‍යාග කිරීමට සූදානම් බවට මේ වන විට පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් රැසක් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මහජනතාවටද ඒ සඳහා දායක වන ලෙස යෝජනා වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මහජනතාවගේ වැටුප් වලට බලපෑම් නොකර මැති ඇමැතිවරුන්ට සිදු කළ හැකි කැපකිරීම් බොහොමයක් පවතින බවයි. ඒ අද උදෑසන විකාශය කෙරුණු වී එෆ් එම් - සිද්ධමුල්ල වැඩසටහන සමග එක් වෙමින්.

තමන් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයට ප්‍රවේශ වූ දා පටන් ජනතා බදු මුදලින් ලබා ගත් සියලු වැටුප් පෙරළා ජනතා සුබසිද්ධියටම යෙදවූ බව බිමල් රත්නායක මහතා සිද්ධමුල්ලේදී හෙළි කළා.

ජනතා ගැටළු වෙනුවෙන් ක්‍රියාත්මක සිද්ධමුල්ල වැඩසටහන සෑම සතියේ දිනකම උදෑසන 7 සිට වී එෆ් එම් ඔස්සේ විකාශය වේ.



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 8


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 7


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 9


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 10



FEATURES