විභාග අයදුම්පත් ඉදිරිපත් කිරීමත් ගුරු සංගම් වර්ජනය කරයි

15 Sep 2021 | 7:30 AM 25



සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධයෙන් කටයුතු සිදුනොකරන බවත් රජය එම කාලය දිර්ඝ කිරීමට කටයුතු කළයුතු බවත් ගුරු හා විදුහල්පති සංගම් පවසනවා.
ලංකා  ගුරු සංගමයේ  ලේකම්  ජෝශප්  ස්ටර්ලින්  මහතා  සදහන් කලේ  රජය  විසින්  තම ගැටළුවලට  පිළිතුරක් නොදීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා  බවයි.  
මේ අතර 2021 අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ සහ පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ කාලය අදින්  අවසන් වනවා. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර ජුලි 5 සිට  ජුලි 30  වන දින දක්වා කැඳවනු ලැබුවා .
නමුත් රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සහ 05 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් මාර්ගගතව කැඳවීමේ අවසාන දිනය අද  දක්වා දීර්ඝ කෙරුනා .
මෙවර විභාගය සඳහා සෑම විභාග අපේක්ෂකයෙකුම අයදුම් පත්‍ර ඉදිරිපත් කරනු  ලැබුවේ   මාර්ගගත ක්‍රමවේදය මගින් .

 

 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES