ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරගයකට සැළසුමක්

(Imeshi De Silva )

26 Sep 2021 | 3:00 PM 36



ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මේ අනුව ලබන 7 වනදා බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. මෙම තරගාවලිය තුළ ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින තරග 5 කට සහභාගී වීමට නියමිතයි.

කෙසේ වෙතත් පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් මෙම සියලු තරග  පැවැත්වෙන්නේ ජෛව බුබුළක් යටතේයි. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන අවිශ්ක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම තරගාවලිය
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා ගැනීම සඳහා මහඟු පිටුවවහලක් වනු ඇති බවයි.

එමෙන්ම 2022 වසරේ පැවැත්වීමට නියමිත 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට නම් කෙරෙන සංචිතය හඳුනා ගැනීමට ද මෙම තරගාවලිය ඉවහල් වනු ඇති බව ඔහු කියා සිටියා. 



COMMENTS


TOP STORIES


අයි.පී.එල්. අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වීමට නියමිතයි.

15 Oct 2021 | 5:30 PM 25


යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගය ඇරඹෙයි

15 Oct 2021 | 11:00 AM 36


එල්.පී.එල්. තරගයට එක්නොවන බව රෝහිත කියයි

15 Oct 2021 | 10:45 AM 31


නේපාල - ඉන්දීය අවසන් මහා තරගය හෙට

15 Oct 2021 | 10:45 AM 29


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES