ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

(IMESHI DE SILVA )

28 Sep 2021 | 7:30 AM 43



ජී.එස්.පී ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණි යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත පිරිස ඊට අදාළ කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි. මේ අනුව අදාළ සාකච්ඡාව ලබන මස පළමු වැනි දා පැවැත්වීමටයි සැලසුම් කර

ඇත්තේ.
මේ අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් සහ බ්‍රිතාන්‍යය දකුණු ආසියා, එක්සත් ජාතින්ගේ සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය අමාත්‍ය විම්බල්ඩන්හි අහමඩ් සාමිවරයා සමඟ පසුගිය දා නිව්යෝක්හි සාකච්ඡා පවත්වා තිබෙනවා. විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ එහි දී වෙළදාම, අයෝජනය සහ දේශිය ක්‍රියාවලිය පිළිබඳ ව සාකච්ඡා කර ඇති බවයි.



COMMENTS


TOP STORIES


වාහන ගමනාගමනයට සීමා

හොරණ - කොළඹ මාර්ගයේ කොහුවල හංදියේ පොදු ප්‍රවාහන බස්රථ හැර  සෙසු වාහන ගමනාගමනය ල

18 Oct 2021 | 5:45 PM 55


හිටපු ජනපති පුත් දහම් දේශපාලනයට

18 Oct 2021 | 5:30 PM 31


තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශන අරඹයි

18 Oct 2021 | 5:30 PM 18


පිටින් එනවා ද ? හරවා යවන්න

18 Oct 2021 | 5:30 PM 55


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES