බිත්තර නිෂ්පාදන වර්ධනය කිරීමට සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන ග්‍රාමීය ජනයාට සහය වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.
මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇකිරිකන්ද ගම්මානයේ නිදැළි කුකුළු පාලනය මගින් බිත්තර නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමටයි පියවර ගැනුණේ.
එහිදී රුපියල් කෝටියක ප්‍රථිලාභ සහිත සියලු පහසුකම් හිමිවන පරිදි මෙම නිදැළි කුකුළු බිත්තර නිෂ්පාදන ගම්මානය ආරම්භ කළ බව සඳහන්.
කුකුළු පාලනය මගින් මෙරට බිත්තර නිෂ්පාදනය පැවැතියද වර්තමානය වන විට ගෙවතු කුකුළු පාලනයට නතර කිරීම හේතුවෙන් මෙරටට අවශ්‍ය බිත්තර නිෂ්පාදන ක්රමාණුකූලව තර්ගකාරීත්වයක හැරවුම් ලක්ෂයක් බවට පත්වූ බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ.
ඒ අනුව රුපියල් 11 සිට 20 හා 22 දක්වා මෑත කාලයේ බිත්තර මිල ඉහල ගොස් තිබුණු බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.