දඹුල්ලේ එළවලු අඩුවක්

(sulochana dharmarathne )

11 Nov 2021 | 12:30 PM 135



පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එළවලු රැගෙන ඒම සියයට 90 කටත් වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.
 
එම මධ්‍යස්ථානයේ කළමනාකාර භාරයේ කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ සෑම වසරකදීම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී මෙම තත්ත්වය දැකිය හැකි බවයි.
 
එමෙන්ම මෙවර එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගේ සහ ගොවීන්ගේ නිෂ්පාදන තත්ත්වයද යම් තරමකින් අඩු මට්ටමක පවතින බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
 
කෙසේ වෙතත් පැමිණ සිටි එළවලු වෙළෙන්දන්  ප්‍රකාශ කර ඇත්තේ රසායනික පොහොර හිගකම හේතුවෙන් ගොවීන් බහුතරයක් එළවලු අස්වැන්න නෙලීම අත්හැර දමා ඇති බවයි.



COMMENTS


TOP STORIES


කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයෝජනයට පෝලන්තයේ කැමැත්ත

ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන  ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප

08 Dec 2021 | 10:15 AM 132


මත්ස්‍ය අපනයනයෙන් ඉහළ ආදායමක්

03 Dec 2021 | 11:30 AM 141


පුවක් රට යවා ඉහළ අදායමක්

19 Nov 2021 | 12:30 PM 170


කොටස් වෙළෙඳපොලෙන් තවත් වාර්තාවක්

17 Nov 2021 | 9:45 AM 147



FEATURES