ආඩර්න් අගමැතිනිට දියණියගෙන් බාධා

(sulochana dharmarathne )

12 Nov 2021 | 11:30 AM 120



කොරෝනා වසංගතය හොඳින්ම පාලනය කළ රටක් තමයි නවසීලන්තය කියන්නේ.

ඒ හින්දම ඒ රට පසුගිය කාලයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමටත් ලක්වුණා.

කෙහොමවුණත්.. දැන් කියන්න යන්නේ ඒ රටේ සිදුවුණ ලස්සන සිදුවීමක් ගැන.

මේ කතාව පොඩි වුණාට.. හැමෝටම සතුට දනවන කාරණයක් වුණා.

මේ වන කොට ලෝකය පුරා පැතිරිලා තියෙන කොරෝනා වසංගත තත්ත්වය ගැන නවසීලන්ත අගමැතිනිය.. ඒ කියන්නේ, ජසින්ඩා ආඩර්න් වීඩියෝ තාක්ෂණය යොදා ගෙන රටේ ජනතාව පසුගිය දවසක ඇමතුවා.

මෙහෙම ජාතිය අමතන වෙලාවේ ඇගේ දියණියට ඒකට බාධා කරලා තියෙනවා.

මේ බාධා කිරීම හරීම.. සුන්දර විදිහට තමයි වෙලා තියෙන්නේ.

ඒ කියන්නේ,  ජසින්ඩා    අගමැතිනියට ඉන්නේ අවුරුදු තුනක චූටි දුවක්.

චූටි දියණියව නිදි කරවලා, තමන්ට හිමි නිල නිවසේ ඉඳලා පවතින කොවිඩ් තත්ත්වය ගැන එරට ජාතිය අමතන්න පටන් ගත්තා.

කෙහොමවුණත්, නින්දට නොගිහින් හිටපු ඇගේ දියණිය කොරෝනා තත්ත්වය ගැන පැහැදිලි කරමින් ඉන්න කොට ඇයගේ කාමරයට එබෙමින් අම්මේ..කියලා කතා කරලා තියෙනවා.

වීඩියෝවත් යන අතරවාරයේම මෙහෙම වුණ හින්දා..ඇය දියණියට කිව්වේ.. ඇයි මේ ඇහැරගෙන ? දැන් නිදා ගන්න වේලාවනේ. කියලයි.

ඒ වගේම ඇය.. මේ චූටි දුවට මෙහෙම කියන්නත් අමතක කළේ නෑ.

අම්මා මිනිත්තුවෙන් එනවා..

මේ සිද්ධිය ගැන ඒ වෙලාවෙම අගමැතිනිය නරඹන්නන් හැමෝගෙන්ම සමාවත් ඉල්ලුවා.

පොඩ්ඩන්ගේ හැටි දන්නවානේ.. කියලා ඒ විදිහට සිනාවකින් සංග්‍රහ කරන අයුරුත් අපිට දැකගන්න පුළුවන්.

මේ විදිහට ඒ දසුන් අපි දැක ගත්තෙත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තියෙන වීඩියෝවක් හරහායි.



COMMENTS


TOP STORIES


උ/පෙළ දරුවන්ට ඔවදනක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.

04 Feb 2022 | 12:30 PM 179


ටින් ටින්ගේ ලොවට ගිය ඉන්දුනීසියානුවා

20 Jan 2022 | 12:00 PM 120


නිරූපණ ශිල්පිනි හසිනි දේශපාලනයට

13 Jan 2022 | 12:30 PM 135


සරුංගලයක් හා අඩි 40ක් උඩ ගිය අයෙක්

21 Dec 2021 | 11:15 AM 99



FEATURES