සෙනෙවිරත්න පවුලට වාර්තාවක් ඇන්ජලා

(Sulochana Darmarathna )

16 Nov 2021 | 12:30 PM 164



ජනප්‍රිය කතාංග, ටෙලි නාට්‍ය අතරේ කතාබහට ලක්වුණ අය ගැන තමයි අපි නිරන්තරයෙන් කතාබහ කරන්නේ.

රසබර හරහා ගොඩක් තොරතුරු අපි ගෙනැත් තියෙනවා.

මේ විදිහට අපි කතා කරපු අය අතරට තවත් සුවිශේෂි කෙනෙක් ගැන තොරතුරු කියන්නම්.

මේ මමද ? වැඩසටහනින් මෙවර අපිත් එක්ක කතාබහට එක්වුණේ ජනප්‍රිය රංගන ශිල්පිණී ඇන්ජලා සෙනෙවිරත්න.

තමන්ට පුංචි කාලේදී අම්මාගෙන් වගේම තාත්තාගෙන් ලැබුණ ආදරේ ගැන ඇය මෙන්න මේ විදිහේ කතාවක් අපිට කිව්වා.

මට මතකයක් නෑ.. මගේ අම්මා මාව තුරුලු කරගෙන මාව ඉඹපු දවසක්. හැබැයි ගෙදර පින්තූර තියෙනවා ඇයත් එක්ක ඉඳලා ගත්ත ඒවා.

මං ලොකු වෙනකොට මට දැනුණේ මගේ අම්මා නපුරු කෙනෙක් විදිහට.

හැබැයි.. මගේ තාත්තා නම් එහෙම නෑ. මුළු හම්බන්තොටම ඔහු ගැන දන්නවා. ඔහු හරිම සංවේදී හොඳ මනුස්සයෙක්. ජීවිතේ ගැන ඔහු බැලුවේ හරි නිහතමානීව.

තාත්තාගේ ආදරේ වගේම අම්මාගේ ආදරෙත් තමන්ට ලැබුණ වෙනස ගැන අන්න ඒ විදිහට ඇය එහෙම කිව්වා.

මම ගොඩක් ස්තූතිවන්න වෙනවා මගේ තාත්තාට. මොකද ? මං දෙයක් ලබා ගත්තා නම් ඒ ලබා ගත්තේ මගේ තාත්තා හින්දා.

කතාව ගලා යන අතරවාරයේදී ඇය තමන්ගේ දික්කසාඳය ගැනත් මෙන්න මෙහෙම කිව්වා.

සෙනෙවිරත්න පවුල කියන්නේ බැදීම් ගොඩක් තියෙන පවුලක්. ඒකෙන් ගැටළුවකුත් වුණා.. මුළු පරම්පරාවෙන්ම දික්කසාඳය වුණෙත් පළවෙනි වතාවට මගේ. 

එතකොට මගේ තාත්තා කිව්වා..ඔයා ඉතිං ඉතිහාසගත වෙන ඒවනේ කරන්නේ. පවුලටත් එක්ක ඉතිහාසගතයි. මොනවද මේ කරලා තියෙන්නේ කියලා.
 
දෙන්නෙක් එකට ඉන්න බැරි නම් සුහදව වෙන් වෙන එක යහපතයි. රණ්ඩු වෙවී එකට ඉන්නවට වඩා.
 



COMMENTS


TOP STORIES


උ/පෙළ දරුවන්ට ඔවදනක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.

04 Feb 2022 | 12:30 PM 179


ටින් ටින්ගේ ලොවට ගිය ඉන්දුනීසියානුවා

20 Jan 2022 | 12:00 PM 119


නිරූපණ ශිල්පිනි හසිනි දේශපාලනයට

13 Jan 2022 | 12:30 PM 134


සරුංගලයක් හා අඩි 40ක් උඩ ගිය අයෙක්

21 Dec 2021 | 11:15 AM 98



FEATURES