තණමල්විල කටු ගහ

(sulochana dharmarathne )

24 Nov 2021 | 12:30 PM 135



ප්‍රවීන නිළි - තණමල්විල පැත්තේ...කටු තියෙන ගහක් තියෙනවා.. මොකද්ද ? නම දන්නේ නෑ..

නිවේදක - එරමිණියා වෙන්න ඇති.

මෙහෙම කියන්නේ ප්‍රවීන නිළියක් වෙන තාරුකා වන්නිආරච්චි.

ඇය ආවා මේ මමද ? වැඩසටහනට.

මෙහෙම කියන්නත් ඇයට හේතුවක් තිබුණා. ඒ තමයි.. අපි අහපු ප්‍රශ්නයක්.

ඇයගෙන් අපි ඇහුවේ රංගන ජීවිතයේ තමන් ලද අමතක නොවෙන අත්දැකීමක් ගැන.

තණමල්විල ප්‍රදේශයේ රංගන කටයුත්තකට ගිය ඇයට අව්වත් එක්ක මේ තියෙන ගස් අතරේ රගපාන්න සිද්ධ වෙලා තියෙනවා.

සෙරෙප්පු දාන්නෙත් නැතුව මේ ගස් අස්සෙන් රඟපාපු ඇයට චරිතයට අසාධාරණයක් නොවෙන විදිහට රගපෑවා කියලා කිව්වා.

ඒ වගේම හේනක් මැද්දේ රගපානකොට රටකජු, ඉරිඟු පුච්චගෙන කාලා හොඳ සුන්දර අත්දැකීමක් ලබා ගත්තා කියලා.

පාසල් කාලේ දි වුණත් ට්‍රිප් නොගිය ඇයට නිලියක් වීම හින්දා රංගන කටයුතුවලදී ලොකේෂන්වලට යන එකම ඇයට විනෝදයක් ගෙන දෙන බවත් බොහෝම ආදරයෙන් මතක් කළා.

ඒ වගේම ඇය මෙන්න මේ විදිහටත් අපිට කිව්වා.

''පිටරට සංචාරය කරපු ඇයට ලංකාවට වඩා හැම රටක්ම හොඳයි. පාරක අපි ඩ්‍රයිව් කරගෙන ගියත් ඒ නීති රීති හොඳයි. මිනිස්සුන්ගේ විනය සහ බිල්ඩින් දැක්කත් දියුණු රටක් කියලා හිතෙනවා.''
 
''ලංකාව මෙහෙම තියෙන්න ඕනි රටතක් නෙමෙයිනේ. ඇත්තටම ඉතිං.. වෙන රටකට ගියාම ලංකාව ගැන දුකක් තමයි ඇති වෙන්නේ.'' 



COMMENTS


TOP STORIES


උ/පෙළ දරුවන්ට ඔවදනක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.

04 Feb 2022 | 12:30 PM 179


ටින් ටින්ගේ ලොවට ගිය ඉන්දුනීසියානුවා

20 Jan 2022 | 12:00 PM 120


නිරූපණ ශිල්පිනි හසිනි දේශපාලනයට

13 Jan 2022 | 12:30 PM 134


සරුංගලයක් හා අඩි 40ක් උඩ ගිය අයෙක්

21 Dec 2021 | 11:15 AM 99



FEATURES