දහම් පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක්

(sulochana dharmarathne )

25 Nov 2021 | 10:45 AM 32



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් ගුණගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණු කරගනිමින් දහම් පාසල් සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරිමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව එහි සමාරම්භක රැස්වීම ඊයේ දිනයේ දී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත් වූ බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ. 

දහම් පාසල් කටයුතු සම්බන්ධයෙන් විෂ්‍ය ක්ෂේත්‍ර 4 ක් ආවරණය වන පරිදි විද්වත් අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදුකර තිබෙනවා.

දහම් පාසල් ආර්මභ කිරීම, ලියාපදිංචි කිරීම, දේශීය හා විදේශීය අරමුදල් සපයා ගැනීම, පෙළපොත් හා ඉගැන්වීම් ක්‍රම ශිල්ප හදුනා ගැනීම, විභාග පැවැත්වීම ඇතුළු කරුණු ඊට ඇතුළත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 



COMMENTS


TOP STORIES


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

දිවයින පුරා සිදුවන ගෑස් පිපිරීම් පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී පාසල් පද්ධතියටද එවැනි අවදානමක් මතුව ඇත

03 Dec 2021 | 7:00 AM 26


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

03 Dec 2021 | 7:00 AM 19


ගෑස් භාවිත කරන අය විශේෂයෙන් බලන්න

03 Dec 2021 | 6:45 AM 23


ඉහළ ගිය ආසාදිතයින් හා මරණ ගණන

02 Dec 2021 | 7:00 PM 62


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES