මංගල මහතාගේ භෂ්මාවශේෂ බොරැල්ලට

(sulochana dharmarathne )

25 Nov 2021 | 12:15 PM 29



හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහයට බොහෝ දෙනෙකුට අවසන් ගෞරව දැක්වීමට නොහැකි වීම හේතුවෙන් ඊට යළි අවස්ථාව ලබාදී තිබෙනවා.

මේ අනුව අද පස්වරු 6 දක්වා කොළඹ 8, බෞද්ධාලෝක මාවතේ ජයරත්න රෙස්පෙක්ට් හෝම් හි තැන්පත් කර ඇති අතර අවසන් ගෞරව දැක්වීමට මෙහිදී අවස්ථාව හිමිවන බවයි මංගල සමරවීර මහතාගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ. 

හෙට දිනයේ දී මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ සීමිත රිය පෙරහැරක් මඟින් මාතර ඕලන්ද වෙළෙඳපොල ශාලාවේ පස්වරු 2 සිට 5 දක්වා තැන්පත් කර තැබෙන බව සඳහන්. 

ඉන් අනතුරුව බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගමික වතාවත් පස්වරු 4 ට සිදු කෙරෙන අතර සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මාතර සුසාන භූමියෙහි ඇති පවුලෙහි සොහොනෙහි තැන්පත් කිරීමට පියවර ගන්නා බව ඒ මහතාගේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළා. 

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය අගෝස්තු 24 වනදා ජීවිතක්ෂයට පත්වුණා. 

 

 

 



COMMENTS


TOP STORIES


බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට ඇතුළත් කෙරෙන වැරදිකරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර

03 Dec 2021 | 9:45 AM 21


ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

03 Dec 2021 | 7:45 AM 28


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

03 Dec 2021 | 7:00 AM 28


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

03 Dec 2021 | 7:00 AM 20


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES