ගුවනින් පැමිණි කෝටියක කුෂ්

25 Nov 2021 | 4:15 PM 36



ගුවන් තැපෑල ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් කිහිපයක් තුළ සඟවන ලද රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් නැමති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්
අද අත්අඩංගුවට ගැනුණා.


රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ, සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ මීට මාසයකට පමණ පෙර එංගලන්තය, අමෙරිකාව, ඉතාලිය සහ කැනඩාව යන රටවලින් කොළඹ, අහංගම, පිළියන්දල සහ මහනුවර යන ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත මෙම කුෂ් නැමති ගංජා සහිත පාර්සල් ගුවන් තැපෑල ඔස්සේ එවීමට කටයුතු කර ඇති බවයි.
අදාළ පාර්සල්වල හිමිකරුවන් ඒවා භාර ගැනීමට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම හේතුවෙන් රේගු නිලධාරීන් මෙම ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී අදාළ ලිපිනයන් ව්‍යාජ බවට තහවුරු වී තිබෙනවා. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. 



COMMENTS


TOP STORIES


බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට ඇතුළත් කෙරෙන වැරදිකරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර

03 Dec 2021 | 9:45 AM 21


ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

03 Dec 2021 | 7:45 AM 28


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

03 Dec 2021 | 7:00 AM 28


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

03 Dec 2021 | 7:00 AM 20


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES