කටුනායක ගුවන් තොට පුළුල් කිරීමේ දෙවන අදියර විවෘතයි

25 Nov 2021 | 4:15 PM 41



කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තයේ පැවති උත්සවයකදී සිදු කෙරුණා. ලොව නැගෙනහිර සහ බටහිර කලාපයන් යා කෙරෙන ආසියාවේ ප්‍රධානතම ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල සංවර්ධනය කිරීමේ පළමු පියවර යටතේ වූ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු මෙලෙස අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරීම සිදුවුණා.


මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දෙවන සංවර්ධන ව්‍යාපෘතිය වීම ද විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි ලොව අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපොලවලට අනුරූප වන සැළසුමක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදුකර තිබෙනවා.


මෙමඟින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වාර්ෂිකව ගුවන් මගීන් හැසිරවීමේ ධාරිතාවය මිලියන හයේ සිට මිලියන 15 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි. එමෙන්ම ගුවන් බස් දොරටු සංඛ්‍යාව ද හයේ සිට 16 දක්වාත්,
ගුවන් මගී විවේකාගාර හතරේ සිට 10 දක්වාත්, ආගමන විගමන පිරික්සුම් කවුලු පනස් තුනේ සිට 149 දක්වාත්, ගුවන් යානා නැවැත්වීමේ අංගන 23 සිට 49 දක්වාත් මේ අනුව පුළුල් කිරීමට නියමිතයි.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝලීය වසංගත තත්ත්වයක් රට තුළ පවතින අවස්ථාවකදී මෙම ව්‍යාපෘතිය නිම කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවයි. පසුගිය 2014 වසරේදී අදාළ ව්‍යාපෘතිය ආරම්භ කළ ද යහපාලන රජය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබූ බවත් එමඟින් රටට මෙන්ම ගුවන් තොටුපොලටද පාඩුවක් සිදු වූ බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා. 

 
 



COMMENTS


TOP STORIES


ඉන්ධන පිරවුම්හල් අසළට ක්ෂණික පරීක්ෂණ කණ්ඩායම්

භූමිතෙල් භාවිත කරමින් බස්රථ ධාවනය කිරීමට ඉදිරියේ දී අවසර ලබානොදෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභ

03 Dec 2021 | 9:45 AM 5


බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

03 Dec 2021 | 9:45 AM 21


ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

03 Dec 2021 | 7:45 AM 28


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

03 Dec 2021 | 7:00 AM 28


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES