ඩොලරයකට රුපියල් 300 ක් ? - එ.ජා.ප. නායක

25 Nov 2021 | 5:30 PM 37



රට මුහුණ දී සිටින උග්‍ර ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමෙන් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මඟින්ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.


ලෝකය මෙන්ම ශ්‍රී ලංකාව ද මුහුණ දී සිටින වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ රැකියාවලින් ඉවත් කිරීම වැනි කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නොපනවනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ අද පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරතුර හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා. ලබන වසර මැද වන විට රුපියල් බිලියන 6 කට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට හැර කිසිඳු විකල්පයක් රජයට නොමැති බවයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.


මේ අතර විදේශ විනිමය උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇති අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගියහොත් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවට ණය ලබාදීමට ඉදිරිපත් වනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීම අනෙකුත් මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට ලැබෙන සහතිකයක් ලෙසට එය සැළකිය හැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම යටතේ රුපියලේ අගය 240 ට තබා ගත හැකි වුව ද මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකළහොත් ඩොලරයකට ගෙවිය යුතු මුදල රුපියල් 300 දක්වා ඉහළ යාමට ඉඩ තිබෙන බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.

 
 



COMMENTS


TOP STORIES


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්

03 Dec 2021 | 7:00 AM 14


ගෑස් භාවිත කරන අය විශේෂයෙන් බලන්න

03 Dec 2021 | 6:45 AM 18


ඉහළ ගිය ආසාදිතයින් හා මරණ ගණන

02 Dec 2021 | 7:00 PM 51


ධනංජයගේ හා ලසිත්ගේ සටනින් දෙවැනි තරගයේ පාලනය ශ්‍රී ලංකාවට

02 Dec 2021 | 6:45 PM 34


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES