බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නැයි ඉල්ලීමක්

25 Nov 2021 | 5:30 PM 52



වෛද්‍යවරුන් ඇතුලු වෘත්තිකයින්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී බදු ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙස විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙම ඉල්ලීම සිදු කර තිබුණේ අද පස්වරුවේ අරලිගහ මන්දිරයේ පැවති හමුවකදීයි.


ආදායම් බදු අය කිරීමේ දී යහපාලන රජය සමයේ පැවති ප්‍රතිපත්තිය වෙනුවට මහින්ද රාජපක්ෂ යුගයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එහිදී ඉල්ලා තිබෙනවා. මේ අනුව  සියයට 12 ක් ලෙස පැවති ආදායම් බදු යහපාලන ආණ්ඩුවෙන් සියයට 24 ක් දක්වා ඉහළ නැංවූ බවත් වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් ලෙස සළකා මේ වන විට ඒ මට්ටමින් මෙම බදු අය කිරීම සිදුවන බවත් ඔහු අග්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් අදාළ ගැටළු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡාවක් සූදානම් කරන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.


මේ අතර වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22 වන විට සම්පූර්ණ කිරීම සහ අනෙකුත් මූලික උපාධි වයස අවුරුදු 20 වන විට සම්පුර්ණ කිරීමට අදාළව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා වෙත අද යෝජනාවලියක්ද ඉදිරිපත් කර ඇති බව සඳහන්. එමෙන්ම දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමා නොකළ යුතු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබෙනවා.  



COMMENTS


TOP STORIES


බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට ඇතුළත් කෙරෙන වැරදිකරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර

03 Dec 2021 | 9:45 AM 21


ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

03 Dec 2021 | 7:45 AM 28


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

03 Dec 2021 | 7:00 AM 28


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

03 Dec 2021 | 7:00 AM 20


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES