මහින්දගේ ඉල්ලා අස්වීමේ ලිපිය මහලේකම්ට

25 Nov 2021 | 5:45 PM 37



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බවට සඳහන් කළ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාර දුන්නා. ඔහු පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ තමා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.


මේ අනුව මහින්ද සමරසිංහ මහතා ලබන 29 වනදා අමෙරිකාව බලා පිටත්ව යාමට ද නියමිතයි. මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වන මන්ත්‍රි ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ ලයිස්තුවේ මීළඟට සිටින මදුරාවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වූ මංජුල ලලිත් වර්ණකුමාර මහතා එම මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමටයි නියමිතව ඇත්තේ.
මංජුල ලලිත් වර්ණකුමාර මහතා පසුගිය මහ මැතිවරණයේ දී මනාප ඡන්ද 46 දහස් 642 ක් ලබා ගත්තා. 

 
 



COMMENTS


TOP STORIES


බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට ඇතුළත් කෙරෙන වැරදිකරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර

03 Dec 2021 | 9:45 AM 21


ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

03 Dec 2021 | 7:45 AM 28


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

03 Dec 2021 | 7:00 AM 28


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

03 Dec 2021 | 7:00 AM 20


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES