ගෑස් භාවිත කරන අය විශේෂයෙන් බලන්න

(GIHAN SAMPATH BANDARA )

03 Dec 2021 | 6:45 AM 54



ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායෑම් පිළිබඳ විමර්ශනය කිරීමේ හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව ඊයේ විශේෂ වාර්තාවක් නිකුත් කළා.

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා වූ කාලය තුළ රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර සම්බන්ධ සිදුවීම් 131ක් වාර්තා වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ගෑස් සිලින්ඩරයට සුළු හානි සිදුවීම් 5ක්, ගෑස් සැපයුම් නළයට හානි සිදුවීම් 09ක්, රෙගුයුලේටරයට හානි සිදුවීම් 10ක්, ගෑස් ලිපෙහි මුහුණත වීදුරුව බිඳියාම් හා ගෑස් ලිප පුපුරායෑම් 56ක්, ගෑස් කාන්දුවීම් 47ක් හා අධික තාපය හේතුවෙන් සිදුවූ අනතුරු 4 ක් එම කාලවකවනුව තුළ වාර්තා වී ඇති බවද එහි සඳහන්.

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගත යුතු පියවර පිළිබඳවද එම වාර්තාවෙන් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පෙන්වා දෙන්නේ ‘පළමුව ආරක්ෂාව‘ යටතේ ක්‍රියාත්මක වී ගෑස් සම්බන්ධ යම් අනතුරක් නිරීක්ෂණය වන්නේ නම් හෝ සිදුවුවහොත් ගෑස් අලෙවි නියෝජිතයාට, ළඟම ඇති පොලිස් ස්ථානයට මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කමිටුවට දුරකතන අංක 0115 811 927 සහ 0115 811 929 අමතා ඒ බව දැනුම් දෙන ලෙසයි. 

සිදුවන අනතුරු අවම කිරීමේ ක්ෂණික පියවරක් ලෙස ඔබගේ ගෑස් සිලින්ඩරයට භාවිත කරන රෙගියුලේටරය, ගෑස් සැපයුම් නළය නිසි ප්‍රමිතියකින් හා ගෑස් ලිප නිසි ක්‍රියාකාරිත්වයකින් යුතු උපාංගවලින් සමන්විත බවට තහවුරු කරගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා.

වෙළෙඳසලෙන් ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නා විට අලෙවි නියෝජතයා ලවා ඒ අවස්ථාවේදීම එම සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් නොමැති බවට තහවුරු කරගත යුතුයි.

විද්‍යාත්මකව තහවුරු නොකළ ක්‍රමවේද ඔස්සේ පරීක්ෂා කිරීමට යාම තුළින් බරපතළ අනතුරුවලට ලක්විය හැකි බැවින් අනවශ්‍ය පරීක්ෂා කිරීම්වලින් වළකින ලෙස ද එම කමිටුව ජනතාවට දැනුම් දෙනවා.



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES