(GIHAN SAMPATH BANDARA )
03 Dec 2021 | 7:00 AM
108
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මධ්‍යම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි. ඒ අනුව ගිනිකොණදිග සහ මධ්‍යම නැගෙනහිර බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 6 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතිනවා. අනතුරුව එළඹෙන පැය 18 තුල එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර ලබන 4 වනදා වන විට ඉන්දියාවේ උතුරු අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත වෙරළට ළඟාවෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. මෙම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා ඉතා තද සුළං පවතින අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70ක් පමණ දක්වා වැඩි විය හැකියි. ඉදිරි පැය 48 තුල ගිනිකොණදිග බෙංගාල බොක්ක නිරිතදිග බෙංගාල බොක්ක උතුරු ප්‍රදේශය සහ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන්හි ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසට ධීවරයන්ට අවවාද කර තිබෙනවා. දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි දැනුම්දෙන්නේ.
TOP STORIES
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද
12 Aug 2022 | 11:15 AM
17
FEATURES