ඉන්ධන පිරවුම්හල් අසළට පරීක්ෂණ කණ්ඩායම්

(sulochana dharmarathne )

03 Dec 2021 | 9:45 AM 45



භූමිතෙල් භාවිත කරමින් බස්රථ ධාවනය කිරීමට ඉදිරියේ දී අවසර ලබානොදෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.
 
එලෙස බස්රථ ධාවනය කරන රියදුරන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බවයි ඒ මහතා පැවසුවේ. 
 
එමෙන්ම බස්රථ සඳහා භූමිතෙල් ලබාදෙන පිරවුම් හල්වලට ද අදාළ බලපත්‍රය ලබාදීම අහෝසි කරන බව සභාපතිවරයා අවධාරණය කළා.
 
නිර්දේශිත ඉන්ධන වාහන සඳහා නිකුත් නොකරන පිරවුම්හල් සොයා බැලීම සඳහා ක්ෂණික පරීක්ෂණ කණ්ඩායම් තුනක් ඒ සඳහා දිවයින පුරා යොදවා තිබෙන බව සඳහන්.
 
බස්රථවල කාර්මික දෝෂ ඇති වන්නේ වැරදි ඉන්ධන භාවිත කිරීම තුළින් වන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
 
මෙරටට ඉන්ධන ආනයනය කිරීම සිදුකරන්නේ පරීක්ෂණ කිහිපයකින් අනතුරුව වන අතර ඉන්ධන බාල වීමට කිසිඳු හේතුවක් නොවන බවද සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා.



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES