ශානිකා පාසලට විෂබීජ ගෙනාවාද ?

(sulochana dharmarathne )

09 Dec 2021 | 12:30 PM 148



ජීවිතය ගැන උගන්වන සිංහල ගුරුවරයෙක් අපේ පන්තියට ආවා.

ආ... අපේ පන්තියට නෙමෙයි.. අපේ වැඩසටහනකට.

ඒ තමයි දන්න දෙන්නෙක්.

වැඩසටහනට එක්වුණේ හැමෝම ගොඩක් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිණියක වන ශානිකා වනිගසේකර.

ඇයට කලින් කිව්ව නම තමයි බේබි ශානිකා කියන්නෙත්.

ඇයත් එක්ක අපේ වැඩසටහනට ආවේ මේ දවස්වල යූ ටියුබ් වf්ුග්ම මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට  පත්වෙලා ඉන්න සිංහල ගුරුවරයෙක් වෙන අකිල විමංග.

ඒ දෙන්නගේ කතාබහේදි තමයි මට අහුවුණේ ජීවිතය ගැන උගන්වන සිංහල ගුරා ගැන.

ඒ කාලෙදි අපිට විෂය පථයට එහා ගිය ජීවිතය ගැන උගන්වන ගුරුවරුත් හිටියා නම් හොඳයි කියලා කිව්වේ ශානිකා වනිගසේකර.

මම මං පොඩි කාලේ ඉස්කෝලේ ගියා. හැබැයි මං ඉස්කෝලේ ලොකු වෙන්න ලොකු වෙන්න ගියේ නෑ. ඒ මියුසිකල් ෂෝ හින්දා. මං දවස් 3 ක් වගේ තමයි ඉස්කෝලේ ගියේ.

මං ජනප්‍රිය ගායිකාවක් කියන වචනෙට මට ආදරේ ගුරුවරු හිටියා. එයාලා මට වචනයක්වත් කිව්වේ නෑ. 

හැබැයි මට හිටිය ගුරුවරු දෙතුන් දෙනෙක්ට මාව පෙන්නන්න බෑ.

මාව වහකඳුරු වගේ.

මට මතකයි එක දවසක් සමාජ අධ්‍යයනය විෂයේ ගෙදර වැඩක් දීලා තිබුණා. මට ඒක කරගෙන යන්න බැරි වුණා. ඒ කියන්නේ මට ඒක අමතක වෙලයි තිබුණේ. 

විෂය භාර ගුරුවරියට ශානිකා කියන්නත් බෑ.. ශ යන්න කියවෙන්නේ නෑ.

ඇය කතා කරන්නෙත් මට සානිකා කියලා.. 

ඇය කිව්වා සානිකා..ඔයා මේ රට වටේ ගිහිල්ලා ඉස්කෝලෙට විෂබීජ ගේනවා. මේ ළමයින්ටත් බෝ කරනවා කියලා.

මං වචනයක්වත් කිව්වේ නෑ. පුදුම විදිහට මං එතැනදි ඇඩුවා.

මං කවදාවත් ඉස්කෝලෙ විනාශ කරන වැඩ කළේ නෑ. 

මං අවුරුදු හයේ ඉඳන්ම කළේ හම්බ කරපු එක.

ඒ ගුරුවරියට මේ ළඟදි මගේ යාළුවෙක් හම්බවෙලා කියලා තිබුණා.. හරි ආඩම්බරයි නේද දැන් ශානිකා ඉන්න තැන කියලා.

අද මට සතුටුයි ඇය මං ඉන්න තැන ගැන දන්න එක ගැන.

මේ විදිහට තමන් ගායන ජීවිතය අත්නොහැර දිගටම ක්ෂේත්‍රයේ ඉඳලා මේ විදිහට ඉන්න එක ගැන ඇය ගොඩාක් ආදරයෙන් සිහිපත් කළා. 



COMMENTS


TOP STORIES


උ/පෙළ දරුවන්ට ඔවදනක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.

04 Feb 2022 | 12:30 PM 179


ටින් ටින්ගේ ලොවට ගිය ඉන්දුනීසියානුවා

20 Jan 2022 | 12:00 PM 120


නිරූපණ ශිල්පිනි හසිනි දේශපාලනයට

13 Jan 2022 | 12:30 PM 134


සරුංගලයක් හා අඩි 40ක් උඩ ගිය අයෙක්

21 Dec 2021 | 11:15 AM 98



FEATURES