(sulochana dharmarathne )
21 Dec 2021 | 11:15 AM
99
අපි කවුරුත් ආසයි ගුවනේ ඉහළට යන්න. හැබැයි එහෙම ඉතින් මේ ලෝකේ කාටවත්ම නිකම්ම ගුවනේ ඉහළට යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නෑ. එහෙම ගුවනට ගිහින් බලන්න ඕනිම නම් කරන්න තියෙන්නේ ගුවන් යානයකට නගින එක තමයි. හැබැයි.. යාපනයේ පදිංචි වෙලා ඉන්න කෙනෙකුට මේ අවස්ථාව නිකම්ම හම්බවෙලා තියෙනවා. ජීවිතේ පළමු වතාවට තමන්ට ලැබුණු අවස්ථාව අහම්බයෙන් තමයි ලැබිලා තියෙන්නේ. හැබැයි.. ජීවිතේ බේරිලා තියෙන්නේ 99.99 න් කියන එකත් මතක් කරන්න ඕනි. අපි මේ වැඩේ මොකද්ද කියලා කිව්වට මේ වැඩේ කිසිම දවසක කවුරුත් අත්හදා බලන්නවත් කරන්න නම් යන්න එපා. මේ කියන පුද්ගලයා බොහොම අමාරුවෙන් තමයි තමන්ගේ ජීවිතේ රැකගෙන තියෙන්නේ. යාපනය, පුලෝලි ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය මේ පුද්ගලයා අඩි 40 ක් දුරට සරුංගලයක් එක්කම උඩට පාවෙලා ගිහින්. සරුංගලයේ නූල තමන් අතින් අත්හරින්න බැරි වීමත් එක්ක සුළං පහරට උඩ ගිය බවක් තමයි අපේ යාපනය වාර්තාකරු මාධව කුලසූරිය කිව්වේ. කොහොමහරි මේ පුද්ගලයා උඩ යවපු නූල සවි ශක්තිමත් වෙලා තිබුණ හින්දා අඩි 15 ක පමණ දුරක් පහළට ඇවිත් බිමට පැනලා ජීවිතය රැකගෙන තියෙනවා. ඒ වුණත් තුවාල ලබලා තියෙනවා. හැබැයි බරපතල වෙලා නම් නෑ. කොහොමවුණත්, යාපනය පොලීසිය තමන්ගේ වැසියන්ට දැනුම් දුන්නේ මේ වගේ අවදානම් වැඩ ඉදිරියේ දී ක්‍රියාත්මක කළොත් දැඩි නීති වැඩි කරනවා කියලයි.
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES