නරක පුරුද්දක් අතෑරලා පොලීසියට ගිය පොලිස් ලොක්කා

(Sulochana Darmarathna )

13 Jan 2021 | 12:00 PM 121



''රස්සාවක් කරන කල් මං කළේ ටියුෂන් පන්ති කරපු එක. පළවෙනි සිගරට් එක බිවුවේ බිග් මැච් එක දවසේ.''

මෙහෙම කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්තයා.

''හැබැයි දැන් නම් ඒ නරක පුරුද්ද මං ළග නෑ. ඒක නවත්තලා අවුරුදු 25ක් වෙනවා. ඒ කාලේ ආනන්ද - නාලන්ද ඉස්කෝල දෙකේ බිග් මැච් එක දවසේ සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පළවෙනි වතාවට මං ඒ වැඩේ කළා. එතකොට මට වයස අවුරුදු 17 ක් 18 ක් වගේ.''

පොලීසියේ ඉහළ තනතුරක් මේ වෙන කොට හොඹවමින් ඉන්න අජිත් රෝහණ මහත්තයා අපිට මෙන්න මෙහෙමත් කිවුවා. ඒ, කියන්නේ... ජොබ් එකට ආපු විදිහ ගැන...

''මට පොලීසියට එන්න අදහසක් තිබුණේ නෑ. දවසක් මං අපේ ගෙවල් ළග තිබුණ බේකරියක් ළග වාඩි වෙලා ඉන්නකොට අපේ ගමේ මල්ලි කෙනෙක් ඇවිත් කිවුවා ළඟම තියෙන පොලීසියෙන් පොලිස් කොස්තාපල්වරු ගන්නවා පොලීසියට අයදුම් පත්‍රයක් අරගෙන දාන්න කියලා. ඒ දවස්වල ගම්වල මිනිස්සු පොලීසියට යන්නත් බයයි.''

''ඒ දවස්වල අපේ ගමේ බේකරියෙන් තමයි පොලීසියට පාන් ගෙනිච්චේ. පාන් ගෙනියන අයියට මං කිවුවා අයදුම් පතක් මට ගෙනැල්ලා දෙන්න කියලා. හැබැයි එයා අයදුම්පත ගේන කොට එස් අයිලාට බඳවා ගන්නා අයදුම්පතකුත් ගෙනැත් තිබුණා.'' 

''පාන් හදන තැන පිටි මෝල ළග මේ ඇප්ලිකේෂන් එක කාලයක් එහෙට මෙහෙට පෙරලි පෙරලි තිබුණා. මගේ හිතේ තිබුණේම වෛද්‍යවරයෙක් වෙන්න ඕනි කියලා. සති දෙකක් විතර මං කල්පනා කර කර ඉඳලා කමක් නෑ කියලා එස් අයි ඇප්ලිකේෂන් එක පුරවලා දැම්මා.'' 


''කොහොමහරි මං තේරුණා. හැබැයි මං කවදාවත් හිතුවේ නෑ මාව පොලීසියට තේරෙයි කියලා. මොකද ? ඇප්ලිකේෂන් එකේ පාන් හදන තැන තිබුණ තෙල්, මාගරින් ඔක්කොම ගෑවිලා තිබුණා.''

ඔන්න ඔහොම තමයි මං පොලීසියට එන්න අඩිතාලම වැටුණේ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්තයා අපිට කිවුවා. 

සම්පූර්න වැඩ සටහන පහතින්



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES