(sulochana dharmarathne )
12 Jan 2022 | 11:45 AM
114
කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්කර තිබෙනවා. දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකි වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඉඹුලන්ගොඩ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද රුවන් පෙරේරා පෙන්වා දෙන්නේ සිය කුඹුරු යාය අධික වැලි සහිත පසක් වුවද කාබනික පොහොර යොදා ගැනීමෙන් වී වගාව සරුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි. එමෙන්ම වසර දෙකක පමණ කාලක සිට කාබනික වගාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් සිදුකළ බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. මෙවර මහ කන්නයේදී රජය කාබනික වගාව අනිවාර්ය කිරීම හේතුවෙන් රජයෙන් ලබාදුන් පොහොර භාවිත කර ගොවිතැන සිදුකළ බව සදඟන්. එමෙන්ම එය ඉතා සාර්ථකත්වයට පත්වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
TOP STORIES
ශ්‍රී ලංකාවේ කිරි ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප
08 Dec 2021 | 10:15 AM
132
FEATURES