සංචාරක ප්‍රතිපත්තිය සැකසීම කඩිනම් කරයි

(sulochana dharmarathne )

14 Jan 2022 | 11:15 AM 31



ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීම කඩිනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීම පසුගිය වසරේ දී ආරම්භ කළ බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ.

ජාතික සංචාරක ප්‍රතිපත්තිය මේ වන විටත් කෙටුම්පත් කර තිබෙන බව සඳහන්.

ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම සිදුකර අවසන් අතර සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සංවිධානවල අදහස් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව මෙම ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ප්‍රතිපත්තිය සැකසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන උපදේශන සේවා සපයන බව සඳහන්.

සංචාරක ව්‍යාපාරයට ඵලචායි රාමුවක් සැපයීම, ආයතනික රාමුවල ව්‍යුහය දියුණු කිරීම, නියාමන රාමු ප්‍රතිසංස්කරණය කිරීම, තොරතුරු කළමනාකරණ ක්‍රියාවලිය සහ වෙළෙඳපොල පරිසරය වැඩි දියුණු කිරීම මෙමඟින් සිදු කිරීමට නියමිතයි. 



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES