පූනෑවේ බස්රථ අනතුරක්

(sulochana dharmarathne )

14 Jan 2022 | 12:00 PM 41



මැදවච්චිය, වව්නියාව මාර්ගයේ පූනෑව පොලිස් වසමේ පිහිටි සියඹලාගස්වැව වෙල් යාය අසල ප්‍රධාන මාර්ගයේ දී අධි සුඛෝපභෝගි බස් රථ දෙකක් සහ ලොරි රථයක් අනතුරට පත්ව තිබෙනවා.

පොල් ප්‍රවාහනය කළ මෙම ලොරි රථය යාපනයේ සිට මැදවච්චිය දෙසට ගමන් කරමින් තිබියදී රියදුරුට නින්ද යාම හේතුවෙන් වේගය පාලනය කරගැනීමට නොහැකිව අසල තිබූ වෙල්යායේ ගසක ගැටී ඇති බවයි පූනාව පොලීසිය පැවසුවේ.

එම ගැටීමෙන් රියදුරු ලොරි රථයේ සිර වී තිබෙනවා.

ඒ අසලින් කොළඹ සිට යාපනය බලා ධාවනය කරමින් තිබූ අධි සුඛෝපභෝගි බස් රථයේ රියදුරු සිරවී සිටි ලොරි රථ රියදුරු දැක ඔහුව එයින් මුදවා ගැනීමට බස් රථය නවතා පැමිණ තිබෙන බව සඳහන්.

ඒ පසුපසින් කොළඔ සිට යාපනය දක්වා පැමිණි තවත් අධි සුඛෝපබෝගී බස් රථයක් එම සිදුවීම දෙස බලා ධාවනය කිරීමේදී  නවතා තිබූ අධි සුඛෝපභෝගි බස් රථයේ පසුපස ගැටී එම වෙල් යායටම වැටී තිබෙනවා.
 
අනතුරින් කිසිදු මගියෙකුට තුවාල සිදුවී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

එම අනතුරින් තුවාල ලැබූ ලොරි රථ රියදුරා වව්නියාව රෝහල වෙත ප්‍රථිකාර සඳහා ප්‍රදේශ වාසීන් යොමු කර තිබෙනවා.



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES