මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ජනතා අයිතියට

15 Jan 2022 | 7:00 AM 19



මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවැනි අදියර වන ඇතුගල්පුර පිවිසුම අද ජනතා අයිතියට පත් වනවා.ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන්.මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදි කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ දුර කි.මී. 40.91 ක්.පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි ඉදි කළ මෙම අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මඟ හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදි කර තිබෙනවා.මංතීරු 04ක් යටතේ ඉදි කළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසයි හඳුනාගෙන ඇත්තේ.ඒ රුපියල් බිලියන 137ක මුදලක් වැය කර තිබෙනවා.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදි කර තිබීම විශේෂත්වයක්. 

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන්හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් මෙහි ඉදි කර තිබෙනවා.



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES