විදුලි අර්බුද පිළිබඳ සත්‍ය සඟවා විසඳුම් ලබාදිය නොහැකියි

15 Jan 2022 | 7:15 AM 21




විදුලි අර්බුද පිළිබඳ සත්‍ය සඟවා විසඳුම් ලබාදිය නොහැකියි බව ජනමාධ්‍ය  අමාත්‍ය  ඩලස්   අලහප්පෙරුම මහතා  පවසනවා . එමෙන්ම  විදුලි  අර්බුදය  සමබන්ධයෙන් රජයද පරස්පර  ප්‍රකාශ  නිකුත්  කරන   බවයි  ඔහු  සදහන් කලේ . ගාල්ල  ප්‍රදේශයේ  පැවති වැඩසටහනක දී අමාත්‍ය ඩලස්   අලහප්පෙරුම මහතා මේ  බව ප්‍රකාශ කලේ .

 
මේ අතර විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඩීසල් ලංකා විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 ක් බැගින් විදුලි බල මණ්ඩලයට ලබාදෙන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසුවේ. 
බලාගාරවල ක්‍රියාකාරීත්වය සඳහා ඉන්දන නොලැබුනහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ  කර තිබුණා. 
බලාගාර සඳහා දැවි තෙල් සහ ඩීසල් හිඟ වීම නොරොච්චෝලේ තාප බලාගාරයක් අක්‍රිය වීම මෙන්ම ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම පහත වැටීම නිසා විදුලි සැමයුමට බාධා එල්ලවුණා. 
මේ හේතුවෙන් විදුලි කප්පාදු කිරීමට කාල සටහනක් ද විදුලි බල මණ්ඩලය පසුගියදා නිකුත් කළා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම මත හදිසි තීරණයක් ලෙස දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලබා දීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES