25 Jan 2022 | 3:45 PM
67
කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25 % කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ හේතුවෙන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ප්‍රධාන රෝහල්වලට අමතරව වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන යොදා ගන්නේදැයි අද තීරණය කරන බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන කොවිඩ් 19 රෝගීන්ගෙන් 95 % ක පිරිසකට ඔමික්‍රෝන් ප්‍රබේදය ආසාදනය වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද ජාන විශ්ලේෂණ වාර්තා මේ බව සනාථ කර ඇති බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ රංජික් බටුවන්තුඩුව මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම අද පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ද මේ සම්බන්ධයෙන් අදහස්
පළ කළා.
TOP STORIES
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මැයි 09 වනදා සිදු වූ සිද්ධියට අදාළවයි
17 May 2022 | 6:45 PM
106
FEATURES