(sulochana dharmarathne )
04 Feb 2022 | 12:30 PM
179
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා. 2021 වසරට අදාළව තිබුණ විභාගේ තමයි දරුවනේ ඔයාලට මේ වසරේ දී පවත්වන්න යන්නේ. ඒ හින්දා ඔයාලට තිබුණා හොඳ කාලයක්.. අවස්ථාවක්.. හොඳට හිතලා පාඩම් කරලා විභාගයට මුහුණදෙන්න පුළුවන් විදිහේ. අවට පරිසරයේ හොඳ වාතාවරණයක් නොතිබුණාට.. ගේ ඇතුලෙ ඒ පරිසරය හොඳින්ම තියෙන්න ඇති. මේ කතාව මෙහෙම ලියන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ වසර කිහිපයක පාසල් ජීවිතයේ ලබපු අධ්‍යාපන මට්ටම තීරණය කෙරෙන අවස්ථාවක් හින්දා. ඔතනින් එහාට.. ඒ කියන්නේ සරසවි අධයාපනය ලබනවාද? වෙනත් පාඨමාලාවක් තෝරාගෙන ඒ හරහා ගිහින් ජීවිතය දිනනවාද ? නැද්ද ? කියන එක. ඒ හින්දා ඔයාලා හැමෝටම විභාගේ තවදුරටත් කල් නොදමා ඒ ගැන තීරණයක් ගත්තු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියපු කතාවක් අපිට හමුවුණා. ඒත් එක්ක තමයි මේ කතාව ඔයාලා වෙත ගෙන එන්න හිතුවේ. මාර්ගගත ඉගැන්වීම බින්දුවයි කියලා තේරුම් ගත්තා. ඊට අමතරව අපි බැලුවා මේ එන චෝදනා, ඉල්ලීම් එක්ක සාධාරණ වෙන්න ඕන කියලා. විභාගයට හොඳට සූදානම් වුණු දරුවෝ කිව්වා විභාගය තියන්න කියලා. අපි එහෙම කළේ නැහැ. මොකද ? විභාගයට සූදානම් නොවුණු දරුවෝ වෙනුවෙනුත් අපි බලන්න ඕනි. ඒ හින්දා තමයි විභාගේ අපි ටිකක් කල් දාන්න හිතුවේ. දැන් එයාලත් මේකට හොඳින් සූදානම් වෙලා ඇති. අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවලට ස්තූතිවන්ත වනවා. අපි ළමයි පාසල්වලට ගෙන්වා ගත්තේ කඩින්කඩ. ප්‍රාථමික ළමයෙකුගේ අධ්‍යාපන තත්ත්වය මුල් අඩියෙදිම හොඳින් වැටෙන්න ඒනි. මොකද විභාගේ ලියන ළමයෙකුට වඩා මුල් අඩිතාලම නොලැබුණු ළමයා තමයි නැත්තම් තවත් වසර කිහිපයකින් ඉදිරි අනාගතේ තීරණ ගන්නේ. විභාගේ කල්දාන එක හරිම ලේසියි. නමුත්, අධ්‍යාපන ලේකම්වරයා තමයි මුළු රටේම අධ්‍යාපනයට වගකියන්න ඕනි. අධ්‍යාපනය නැත්නම් හොඳ නරක තේරුම් ගන්න බැහැ. සමාජයේ සියලු ප්‍රශ්නවලට හේතුව තමයි අධ්‍යාපනය ලැබීම සහ නොලැබීම. අම්මලා, තාත්තලා දරුවන්ට දයාව කරුණාව පෙන්වන්න ඕනි. හොඳ දේ උකහාගෙන හොඳ දේ දරුවාට උගන්වන්න. ළමයාට හරිමඟ යන්න මාර්ගාවබෝධය ලබාදෙන්න. මං ඉපදුනේ 1962 වසරේ නොවැම්බර් මාසයේ 9 වැනි බදාදා. රෑ 9.45 ට විතර. අම්මා කාමරේම තමයි මට මගේ උත්පත්තිය දීලා තියෙන්නේ. මට අවුරුදු 3 යි මාස 3 ක් වෙන කොට මගේ තාත්තා මියයනවා. මාව මගේ අම්මා එතනින් පස්සේ හදලා තියෙන්නේ ගොඩක් අමාරුවෙන්. ළමා කාලයේදි මං පොතේම හිටියේ නැහැ. සෙල්ලම් කළා. මං මේ කියන්නේ මාත් අමාරුවෙන් ජීවිතේ දිනාගෙන තමයි අද මේ තැනට ඇවිත් තියෙන්නේ. මං මේ ඔයාලට කියන්නේ උත්පත්තියේ දී දුප්පත් වුණත් අධ්‍යාපනයෙන් ඔබ හොඳින් පොහොසත් වෙන්න. ඔබ ඒකෙන් පොහොසත් නම්, ගරු නාම, නම්බු නාම, ඔබට නිකම්ම ලැබේවි. මං දැන් විවාහ වෙලා ඉන්නේ වෛද්‍යවරියක් එක්ක. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම වෛද්‍ය විද්‍යාලයේ. මමත් මෙතැන ඉඳගෙන තාත්තා කෙනෙක් විදිහට හොඳ අධ්‍යාපනයක් එයාලට ලබා දුන්නා. අන්න ඒකයි මං කියන්නේ හොඳ දේවල් දරුවන්ට ළඟා කර දෙන්න කියලා. දරුවො එතකොට අම්මාගෙන් තාත්තාගෙන් ලබාගන්න හොඳ දේවල් ඉදිරියට අරගෙන යයි. එයාලාව මඟදි අත්හැරලා දාන්න එපා.
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES