බස් එකේ ගියත් කොරෝනා - සැප වාහනේ ගියත් කොරෝනා

(Gihan Sampath )

15 Jan 2021 | 10:30 AM 323



පසුගිය දින දෙක තුනම ජනතාව අතර වඩාත් කතාබහට ලක්වුණ පුවතක් බවට පත්වුණේ අපේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට කොරෝනා ආසාදනය වීම කිව්වොත් නිවැරදි. මොකද මේ ආරංචියත් එනවත් එක්කම අපේ රටේ ජනතාව ගොඩාක් සතුටු වුණා.ඒ මේ රටේ දේශපාලනේ ස්වභාවය නිසා වෙන්න ඇති.පසුගිය දවස් කිහිපයේ සමාජ මාධ්‍යවලට ගිහින් බැලුවම අපට පෙනුණේ මේ රටේ දේශපාලනේ තියෙන තැන. ඒක එහෙම වෙන්නේ කොරෝනා නිසා දුප්පත් ජනතාව විඳින දුක මේ සැප ජීවිත ගත කරන අයටත් දැනෙන්න ඕන නිසා වෙන්න ඇති.

ඒ කොහොම වුණත් කොරෝනා කියන්නේ හරියටම මේ මිනිහා ඉලක්ක කරලා හැදෙන ලෙඩක් නෙමෙයි.කොරෝනාවට ජාතියක් ජන්මයක්,කුලයක්,වංශයක්,රටක්,තැනක්,දුප්පත් පොහොසත් කියලා බේදයක් නැහැ. දුප්පතාටත් හැදෙනවා.පොහොසතාටත් හැදෙනවා.ඒ දේ හොදින්ම ඔප්පු වුන කාලයක් තමයි පසුගිය දින දෙක තුනේදී ගෙවුණේ.පාර්ලිමේන්තුවේ සැප විදින අපේ මැති ඇමැතිවරුන් කවදාවත් පාරේ බස් එකක යන්නේ නැහැනේ. එයාලා යන්නේ සැප වාහනේ.ඉතින් කොහොමද මෙයාලට කොරෝනා හැදෙන්නේ.බස් එකේ යන දුප්පත් මනුස්සයටනේ කොරෝනා හැදෙන්න ඕන. ඒ වගේම තමයි මේ අය පාවිච්චි කරන්නෙත් හොදම වර්ගයේ මාස්ක් නේද ? අපේ දුප්පත් ජනතාව වගේ රෙදි මාස්ක් මේ මැති ඇමතිවරුන් භාවිත කරන්නේ නැහැනේ.එහෙත් කොරෝනා හැදුනා නේද. ඒ නිසා මේ දෙයින් හැම කෙනාටම උගන්නපු පාඩමක් තමයි කොරෝනාවට දුක සැප නැහැ කියන එක.කවුරු වුණත් එකයි.

කොරෝනා හැදිලා සැප විඳින කෙනා හරි දුක් විඳින කෙනා හරි මැරෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ.ඒත් මේ රටේ හැම කෙනාටම මේ දේ පොදුයි කියන එක උගන්වන්න මේක හොඳ පාඩමක් නෙමෙයිද ? 



COMMENTS


TOP STORIES


ජීවිත කාලෙටම කියවලා ඉවර කරන්න බැරි පොත් තියෙන තැනක්

කතාවක් තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒ කියන්නේ මිනිහෙක් සම්පූර්ණ වෙන්න කියවීම කියන ද

29 Jan 2021 | 9:30 AM 318


බස් එකේ ගියත් කොරෝනා - සැප වාහනේ ගියත් කොරෝනා

15 Jan 2021 | 10:30 AM 323


මාස්ක් එක නිසා ඔබේ ජීවිතෙත් මේ විදියට වෙනස් වෙලාද ?

06 Jan 2021 | 7:45 AM 327


ඩිජිටල් තිරයකට මුවා වූ අපේ ජීවිත

30 Dec 2020 | 1:15 PM 291


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES