ඉන්දීය තරගයට ධනංජය හා නිරෝෂන් යයි

25 Feb 2022 | 4:45 PM 72



ඉන්දීය තරග සංචාරයේ ඉතිරි පන්දුවාර 20 යි 20 තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු කැඳවා තිබෙනවා. ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනායි ඒ සඳහා එක්ව ඇත්තේ. ඔවුන්ට පැවති නිරෝධායන කාලසීමාව අවසන් වෙමින් පවතින බවද වාර්තා වනවා.

මේ අතර කොවිඩ් ආසාදිතව සිටි ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිදු කරන ලද පී සී ආර් පරීක්ෂණය සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු ඔස්ටේ්‍රලියාවේ සිට යළි දිවයිනට පැමිණෙමින් සිටින බවයි සිය ට්විටර් ගිණුමෙහි සටහනක් සඳහන් කර තිබුණේ.

එමෙන්ම ඉන්දියාව සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉන්දියාව වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ඊට ඇතුළත්.
  මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දෙවැනි හා තෙවැනි 20 යි 20 තරග හෙට සහ අනිද්දා යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

 
 
 
 



COMMENTS


TOP STORIES


නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්‍රතාන්‍යයේ තරග සංචාරයක නිරත වන

26 Apr 2022 | 3:45 PM 38


ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 99


මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළට පළමු ජය ගෙනෙයි

13 Apr 2022 | 7:45 AM 44


කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අංක එකට

11 Apr 2022 | 8:45 AM 41



FEATURES