රම්පෝසාගෙන් නේටෝ සංවිධානයට චෝදනා

(nadeeka gunarathne )

19 Mar 2022 | 11:00 AM 30



දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා නේටෝ සංවිධානයට චෝදනා එල්ල කර තිබෙනවා. 

විදෙස් වාර්තා සඳහන් කරන්නේ රුසියාව හෙළාදකින ලෙස සිදුකරනු ලබන ඉල්ලීම්වලට තමා විරුද්ධ බවයි. 

පසුගියදා එරට පාර්ලිමේන්තුව අමතමින් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ රටවල් දෙසට ව්‍යාප්ත වී ඇති බවයි. 

එමඟින් සමස්ත  යුරෝපා රාජ්‍යයන්ම අස්ථාවරත්වයට පත්වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර යුරෝපා රාජ්‍ය නායකයින් තමා වසර කිහිපයක සිට සිදු කරන අනතුරු ඇගවීම්වලට සවන් දුන්නේ නම් මෙම යුද ගැටුම් වළක්වා ගැනීමට ඉඩ තිබූ බව ද දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. 

යුක්රේනයට එරෙහිව සටන් වැදීම සඳහා රුසියාවට කිසිඳු ආකාරයකින් යුද උපකරණ ලබාදීමෙන් වළකින්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග්ට දැනුම්දී තිබෙනවා. 

ඒ, යුක්රේන - රුසියා ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඊයේ පැවති දුරකතන සංවාදයේදීයි.  



COMMENTS


TOP STORIES


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක

29 Apr 2022 | 10:30 AM 14


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාටත් වැඩ වැරදී

13 Apr 2022 | 7:45 AM 50


පාකිස්තානයේ නව අගමැති තෝරා ගැනීම අද

11 Apr 2022 | 11:15 AM 23


නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා පාකිස්ථානයේ නව අගමැති ?

11 Apr 2022 | 8:30 AM 40



FEATURES