ක්‍රිස්ට පහරදුන් ස්මිත්ට සම්මානය අහිමි වීමේ අවදානමක්

(sulochana dharmarathne )

30 Mar 2022 | 10:30 AM 26



ඔස්කා සම්මාන උළලේ දී නිවේදක ක්‍රිස් රොක්ට කම්මුල් පහරක් එල්ල කිරීමේ චෝදනාව මත ජනප්‍රිය නළු විල් ස්මිත්ට සිය සම්මානය අහිමි වීමේ ඉඩකඩක් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එම සිද්ධිය ගැන ඔස්කා විමර්ශන කමිටුව නිරීක්ෂණයට ලක්කර ඇති බව සඳහන්. 

කැලිෆෝනියා නීතිය අනුව ද විල් ස්මිත්ට එරෙහිව ක්‍රියා කළ හැකි බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් නිවේදක ක්‍රිස් රොක් නළු විල්ස්මිත්ට එරෙහිව පොලීසියට පැමිණිලි කර නැහැ.

කෙසේ වුවත් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව විමර්ශනයක් පොලීසියට සිදුකළ හැකි වනවා. 

රොක් විසින් ස්මිත් ගේ බිරිඳ වන ජාඩා පින්කට් ස්මිත්ට කළ විහිලුවක් හේතුවෙන් එම පහරදීම සිදුකර තිබුණා. 

ඇය මේ වන විට හිසකෙස් හැලීමේ රෝගයකින් පීඩා විඳින අතර නිවේදකයා ඒ සම්බන්ධයෙන් විවිධ දේ පැවසීම විල් ස්මිත් ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ 
 
කෙසේ වෙතත් රොක් කථාකරමින් සිටින අතර එකවරම වේදිකාවට යන විල් ස්මිත් රොක් ගේ කනට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වනවා.
 
නැවත තම ආසනය වෙත පැමිණෙමින් ස්මිත් ප්‍රකාශ කර තිබුණේ මගේ බිරිඳගේ නම තමුසෙගේ කටින් ඈත් කරනවා, යන්නයි.

එම සිදුවීම සම්බන්ධයෙන් ස්මිත් පසුව සමාව ඉල්ලා ඇති බව ද සඳහන්.
 
කෙසේ වෙතත් ඔස්කා සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානයද හිමිකර ගත්තේ විල් ස්මිත් විසිනුයි.

ඒ ඔහු රංගනයෙන් දායක වූ කිංග් රිචර්ඩ් චිත්‍රපටය වෙනුවෙන්.

කොවිඩ් - 19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙල සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් 2021 ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හිදී පැවැත්වුණා.

එහිදී හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය වෙනුවෙන් හිමිවූ බව සඳහන්.

93 වැනි වරටත් පැවති මෙම සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වෙනුවෙන් මෙවර සම්මාන උළෙලේදී චිත්‍රපට 8 ක් නිර්දේශ වී තිබුණා.

ඉන් නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය සම්මාන හිමි කරගැනීම විශේෂත්වයක් බවයි ප්‍රේක්ෂකයින් පවසන්නේ. 



COMMENTS


TOP STORIES


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක

29 Apr 2022 | 10:30 AM 14


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාටත් වැඩ වැරදී

13 Apr 2022 | 7:45 AM 49


පාකිස්තානයේ නව අගමැති තෝරා ගැනීම අද

11 Apr 2022 | 11:15 AM 22


නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා පාකිස්ථානයේ නව අගමැති ?

11 Apr 2022 | 8:30 AM 39



FEATURES