03 Apr 2022 | 8:00 AM
29
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය යටතේ තමන් ක්රීඩා කළ දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ මෙවර අයි.පී.එල් තරගාවලියේ 10 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 14 කින් පරාජයට පත් කරමින්.
පූනේහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ක්රීඩකයින් පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින්.
ෂුබ්මන් ගිල් පන්දු 46කින් වේගවත් ලකුණු 84ක් වාර්තා කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් සමගින්.
පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ලකුණු 23කට කඩුලු 3ක් හා කලීල් අහ්මඩ් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.
නායක රිෂාබ් පාන්ට් පන්දු 29 කදී ලකුණු 43ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ලොකී ෆර්ගියුසන් ලකුණු 28කට කඩුලු 4ක් බිද හෙලීමට සමත්වුණා.
TOP STORIES
ශ්රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්රතාන්යයේ තරග සංචාරයක නිරත වන
26 Apr 2022 | 3:45 PM
38
FEATURES