(Gihan Sampath )
03 Apr 2022 | 4:45 PM
56
කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය හත්වැනි වරටත් ජයගහණය කිරීමට ඔස්ට්‍රේලියාව අද සමත් වුනා
ඒ අවසන් තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 71 කින් පරාජයට පත් කරමින්.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඔවල් ක්‍රීඩාංගනයේදී තරඟය පැවැත්වුනා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලබා ගත ලකුණු සංඛ්‍යාව 356ක් .
එහිදී ඇලිසා හීලි පන්දු 138 කදී ලකුණු 170 ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඇයගේ මෙම ලකුණු ප්‍රමාණය ලෝක කුසලාන අවසාන මහා තරගයකදී ක්‍රීඩිකාවක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වනවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 285ක් පමණයි.
නැට් ෂීවර් පන්දු 121 කදී ලකුණු 148 ක් ලබා ගත් අතර එය ලෝක කුසලාන අවසන් තරගයකදී වාර්තා වූ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
TOP STORIES
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්රතාන්යයේ තරග සංචාරයක නිරත වන
26 Apr 2022 | 3:45 PM
38
FEATURES