RECENT UPDATES
04 Mar 2021 | 6:15 PM
24
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.
ඒ, පසුගියදා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලැස්මක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
04 Mar 2021 | 7:30 AM
32
ඇන්ටිගා හිදි පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 131 ක්.
පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභියා වු අතර ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 39ක්.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 33කටද / දිනේෂ් චන්දිමාල් ලකුණු 11කටද දැවී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ ලෙන්ඩි සිමන්ස් ලකුණු 26ක් සහ එවින් ලුවිස් ලකුණු 28 ක් ලබාගැනීමට සමත් වුණා.
ප්‍රහාරාත්මක පිතිකරු ක්...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු 20 යි 20 තර...
03 Mar 2021 | 6:30 PM
33
19 Feb 2021 | 6:15 PM
39
ක්‍රීඩා අමාත්‍යංශය හඳුන්වා දුන් පාපන්දු සිකුරාදා වැඩසටහනනිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ, කොළඹ තුරඟ තරග පිටියේදීයි. සෑම සිකුරාදාවකම සවස හයේ සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා දිවයින පුරා ක්‍රීඩාංගනවල පාපන්දු තරග සහ පුහුණු සැසි පැවැත්වීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාව වී තිබෙනවා. ක්‍රිඩාවේ ප්රගමනයට දායක වීම සහ නිරෝගි පරපුරක් බිහි කිරීම වැඩපිළිවෙලේ අරමුණ බවයි ක්‍රීඩා ඇමතිවරයා පැවසුවේ. <..
19 Feb 2021 | 6:15 PM
25
කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන පුහුණුකරුවා ලෙස චමින්ද වාස් පත්කර තිබෙනවා. වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස
මීට පෙර කටයුතු කළ ඩේවිඩ් සකර් ඉල්ලා අස්වීමත් සමඟයි එම තනතුර පුරප්පාඩු වුණේ. ඒ අනුව ලබන 23 වනදා ආරම්භ වන කොදෙව් සංචාරයේ දී චමින්ද වාස් ශ්‍රී ලංකා කණ්ඩායමට උපදේශකත්වය ලබාදෙනු ඇති.
19 Feb 2021 | 11:15 AM
39
එළබෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චම්න්ද වාස් පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී අෂ්ලි ද සිල්වා මහතා ගෙන් කල විමසීමකදි මේ බව තහවුරු කර සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කල ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සදහන් කළා..
19 Feb 2021 | 7:45 AM
37
2021 අයි පී එල් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ ඉන්දියාවේ චෙන්නායිහීදි පැවැත්වුණා. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩකයන් 292 කු ඉදිරිපත් වූ අතර ඊට ඇතුළත්ව සිටිී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 3ක්. කෙසේ වෙතත්, ඉන් කිසිදු ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් කටයුතු කර තිබුණේ නැහැ. ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත..
OTHER