RECENT UPDATES


මොයින් අලී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමේ තීරණයක

27 Sep 2021 | 11:15 AM 23

එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත බවට නිවේදනය කර තිබෙනවා. 34 හැවිරිදි මොයින් ටෙස්ට් තරග 64 කට ක්‍රීඩා කර ඇති අතර එක්දින තරග 112 කට සහ 20 යි 20 තරග 38 කට ක්‍රීඩා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ ලෝක කුසලාන සහ අළුබඳුන තරගාවලියේ ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු ක්‍රීඩා කිරීම හමුවේ නිවසින් බැහැරව දිගුකලක් රැදී සිටීම පිළිබඳ ඔහු අපහසුතාවට පත්ව ඇති බවයි. මේ වන විට මොයින් අලී අයි පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා.


ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරගයකට සැළසුමක්

26 Sep 2021 | 3:00 PM 30

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මේ අනුව ලබන 7 වනදා බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. මෙම තරගාවලිය තුළ ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින තරග 5 කට සහභාගී වීමට නියමිතයි.

කෙසේ වෙතත් පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් මෙම සියලු තරග  පැවැත්වෙන්නේ ජෛව බුබුළක් යටතේයි. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන අවිශ්ක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම තරගාවලිය
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා ගැනීම සඳහා මහඟු පිටුවවහලක් වනු ඇති බවයි.

COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


අයි පී එල් නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකට අවසර

අයි පී එල් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් සීමිත සංඛ්‍යාවකට ක්‍රීඩාංගණ කරා පැමිණි...

16 Sep 2021 | 11:15 AM 21


කුසල්ට හා ලහිරුට පන්දු වාර විස්ස ලෝක කුසලානය තරගාවලිය අහිමි වීමේ අවදානමක්

15 Sep 2021 | 5:30 PM 25


ඉදිරි තරගවලට ක්‍රීඩා කරන්න දසුන්ගෙන් අලුත් සැලස්මක්

15 Sep 2021 | 11:00 AM 36


T 20 තරගාවලියේදී ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයක්..

15 Sep 2021 | 8:15 AM 8



වාර්තා පොත් අලුත් කළ IPL ක්‍රීඩක වෙන්දේසිය

19 Feb 2021 | 7:45 AM 80

2021 අයි පී එල් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ ඉන්දියාවේ චෙන්නායිහීදි පැවැත්වුණා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩකයන් 292 කු ඉදිරිපත් වූ අතර ඊට ඇතුළත්ව සිටිී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 3ක්.

කෙසේ වෙතත්, ඉන් කිසිදු ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් කටයුතු කර තිබුණේ නැහැ.

ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත..

 

පන්දු සියයේ නවතම ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම් 22 වැනිදා

18 Feb 2021 | 7:15 AM 97

“ද හන්ඩ්‍රඩ්” හෙවත් එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දු සියයේ නවතම ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව ලබන 22 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් 252 දෙනෙකු සහ දේශිය ක්‍රීඩකයින් 254 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 18 දෙනෙකුද ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත..

 

පාපන්දුවට තවත් ඇරඹුමක්

17 Feb 2021 | 5:00 PM 76

ක්‍රියාශීලි පරපුරක් බිහිකිරීමේ තවත් ඇරඹුමක් ලෙස පාපන්දු සිකුරාදා නමින් විශේෂ වැඩසටහනක් හදුන්වා දීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. එහි සමාරම්භය අනිද්දා කොළඹ තුරඟ තරග පිටියේ දී සිදුකිරීමට නියමිතයි. සිකුරාදා දිනවල සවස හයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා දිවයින පුරා ක්‍රීඩාංගනවල පාපන්දු ක්‍රීඩා කිරීමේ සම්ප්‍රදායක් ඇති කිරීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි. 

..

 

ක්‍රිකට් නිලවරණයට කණ්ඩායම් දෙකක්

12 Feb 2021 | 5:45 PM 111

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් වන කණ්ඩායම් දෙකක් මේ වන  විට පැහැදිලිව නිරීක්ෂණය වනවා. ඒ, වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතාගේ පාර්ශ්වය සහ කේ. මතිවානන් පාර්ශ්වයයි. ශම්මි සිල්වා මහතා මෙවරත් ක්‍රිකට් සභාපති ධුරයට තරග වැදීමට සූදානමින් සිටින අතර ඔහුගේ පාර්ශ්වයන් ලේකම් ධුරයට ඉදිරිපත් වන්නේ මොහාන් ද සිල්වා මහතායි. උප සභාපති ධුර දෙකක් සඳහා ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන අය ඉදිරිපත් වීමට..

 



දෙවන 20යි 20 හෙට

11 Sep 2021 | 5:00 PM 28

OTHER