RECENT UPDATES
21 Apr 2021 | 8:15 PM
16
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 302ක් රැස්කර තිබේ.
දිනය නිමාවන විට ෂන්ටෝ නොදැවී ලකුණු 126ක් සහ නායක මොමිනුල් හක් නොදැවී 64ක් රැස්කර තිබුණි. පන්දු යැවීමෙන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 61ට කඩුලු 2යි.
20 Apr 2021 | 11:45 AM
14
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට ආරම්භ වනවා. මේ අනුව එහි පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙහි දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ එළඹෙන 29 වනදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා...
20 Apr 2021 | 7:00 AM
4
15 Mar 2021 | 4:00 PM
32
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ ක්‍රීඩා අණ පනත්..
12 Mar 2021 | 7:15 AM
49
ඇන්ජලෝ මැතිව්ස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කළා. පෞද්ගලික හේතුවක් මත මැතිව්ස් එම තීරණය ගෙන තිබෙන බව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව, ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් දූපත්හී සිට යළි දිවයිනට පැමිණ තිබෙනවා.
10 Mar 2021 | 1:00 PM
40
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත පළමු එක්දින තරගය අද ආරම්භ වනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රීමත් විවියම් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පැවති 20 යි 20 තරගාවලිය 2..
09 Mar 2021 | 7:30 AM
46
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළේ අවසන් පන්දු වාර විස්ස තරගය කොදෙව් කණ්ඩායම කඩුලූ තුනකින් ජයගැනීමත් සමඟයි. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය මෙරට වේලාවෙන් හෙට පස්වරු 7ට ඇන්ටි..
OTHER